ප්රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්රංශ නාවික හමුදාවට අයත ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
එහිදි ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමා සමඟ සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සඳහා ප්රංශ තානාපති, ගරු ජීන් මරීන් ෂුහ් මහතා ද සහභාගී වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




