රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව ‘Thai Binh Bay’ නම් වියට්නාමයට අයත් බහාලුම් නෞකාවේ සිටි අනතුරකින් තුවාල ලැබූ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 11) උදෑසන කටයුතු කරන ලදී.
එම නෞකාවේ තුළ තුවාල ලැබූ පුද්ගලයෙකු සිටින බැව් නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත. එම තොරතුරු ලද විගස බටහිර නාවික විධානයට අනුයුක්ත පී 464 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
ඒ අනුව කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 8.5 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී. ඉන් අනතුරුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ, නවලෝක රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.










