නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු ප්රදේශ 2 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 12) සමත් විය. ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මුල්ලිකුලම් මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඩිංගි යාත්රාවක්, තහනම් දැල් 4 ක් සහ මසුන් කිලෝග්රෑම් 10 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කිලිනොච්චිය, එරුමතිව් දූපත ආශ්රිත මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ මීටර් 1000 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා නච්චිකුඩා පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.


