ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 11 වන උපාධි ප්රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 11 වන උපාධි ප්රදානෝත්සවය අද (දෙසැම්බර් 13) සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ප්‍රධාන සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ද සහභාගී විය.
ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් කපිල ජයම්පති මහතා විශ්‍රාමික ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, දෙස් විදෙස් ආරක්ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් ද එම උපාධි ප්රදානෝත්සවය සඳහා සහභාගී වී සිටියහ.
එම මාණ්ඩලික පාඨමාලාව මෙම වසරේ ජනවාරි මස 03 වන දින ආරම්භ කරන ලද අතර, දෙස් විදෙස් ආරක්ෂක හමුදාවන් නියෝජනය කරමින් නිලධාරීන් 128 දෙනෙකු ඒ සඳහා සහභාගී විය. ඒ අනුව, නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 23 දෙනෙක්, යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 65 දෙනෙක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 26 දෙනෙක් මෙම පාඨමාලාව සාර්ථක ලෙස නිම කරන ලදී. එමෙන්ම, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, රුවන්ඩාව, සූඩානය, වියට්නාමය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් වල ආරක්ෂක හමුදා නිලධාරීන් 14 දෙනෙක්ද මාණ්ඩලික පාඨමාලාව අවසානයේ සිය උපාධි හිමි කර ගත්හ.













