ඉන්දීය අත්අඩංගුවේ පසුවූ තවත් ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 3 නිදහස් කෙරේ
ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ තවත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 3 ක් යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අද (දෙසැම්බර් 16) සිදු කෙරිණි.
එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරිණි. ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් මුර යාත්‍රාවක් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අබක්කා සහ අමේයා යන නෞකාවන් එක් විය. එම ට්‍රෝලර් යාත්‍රාවන් නාවික හමුදාවේ ආරක්ෂාව මත කන්කසන්තුරය වරාය වෙත රැගෙන එමෙන් පසු යාපනය, සහකාර ධිවර පරික්ෂක වෙත භාර දිමට කටයුතු කරන ලදී. මෙම බහුදින ධීවර යාත්‍රාවන් 2015 වර්ෂයේදී ඉන්දියානු අත්අඩංගුවට පත් වී ඇත.





