ශ්‍රීලංනානෞ සුරනිමිල සහ නන්දිමිත්ර නෞකාවන් සිය අභිමානවත් 17 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් 2 ක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල් සහ නන්දිමිත්ර යන නෞකාවන් පසුගිය දෙසැම්බර් මස 15 වන දින සිය අභිමානවත් 17 වන සංවත්සරය සමරන ලදී.
සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අසංග රණසූරිය එහි විධායක නිලධාරී කොමාණ්ඩර් චමින්ද ප්‍රනාන්දු සහ නන්දිමිත්ර නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් නිශාන්ත පීරිස් එහි විධායක නිලධාරී, කොමාණ්ඩර් චන්දන සමරකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නෞකා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව නෞකා කාර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සඳහා සුහද හමුවක්, ඔවුන් හට එම නෞකාවන්ගේ මුහුදු චාරිකාවාරයක් සහ ඒ 543 නෞකාවේ තල්මසුන් නැරඹීමට මුහුදු සංචාරයක් ද සංවිධානය කොට තිබිණි. තවද, කුඩා දරු දැරියන් වෙනුවෙන් විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු තවත් වැඩසටහන් රාශියක් නෞකා දිනය සමරනු වස් පවත්වන ලදී.









