ශ්‍රීලංනානෞ ජයසාගර දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජයසාගර නෞකා දිනය පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූණි. එය නිමිති කර ගනිමින් නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් දුමිඳු අබේවික්‍රම සහ විධායක නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් චාමර ලියනගේ මහතා ඇතුළු කාර්යය මණ්ඩලය වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, දෙසැම්බර් මස 10 වන දින නෞකාවේ කාර්යය මණ්ඩලයේ පවුලේ සාමාජික සාමාජිකාවන් එක්ව ඒ 543 නෞකාව් මුහුදු සංචාරයක් සිදු කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සමඟ විනෝදාත්මක ක්‍රීඩා ඇතුළු විනෝදාත්මක අංගයන් ඇතුළත් සුහද හමුවක් ද සංවිධානය කොට තිබුණි.
එමෙන්ම, දෙසැම්බර් මස 11 වන දින නෞකාවේ නිලධාරීන් සහ නාවිකයන් එක්ව ගාල්ල ශ්‍රී සංඝබෝධී ළමා නිවාසයේ ශ්‍රමදානයක් සහ එහි වෙසෙන දරු දැරියන් සඳහා දිවා ආහාරය පිරිනැමීම ද සිදු කරන ලදී. තවද, නෞකා දිනයට සමගාමීව නෞකාවටත් එහි කාර්යය මණ්ඩලයට මෙන්ම සමස්ථ නාවික හමුදාවට සෙත් පතා ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේදී විශේෂ බෝධි පූජාමය පිංකමක් පැවැත්වීමට ද ඔවුන් කටයුතු කරන ලදී.
















