නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීතී විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු පසුගිය දිනයන් හිදී නාවික හමුදා අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ කේරළ ගංජා ලඟ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 17) ආරුගම්බේ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ඔවුන් සතුව තිබූ ඔරු 2 ක්, තහනම් දැල් 2 ක් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයින් සහ ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පොතුවිල් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලද තෙරතුරක් මත උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් මස 15 වන දින නච්චිකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




