බංග්ලාදේශ වෙරළාරක්ෂක නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි
සුහද සංචාරයක් සඳහා පසුගිය දෙසැම්බර් 16 වන දින කොළඹ වරායට සේන්දු වූ බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් ‘මන්සූර් අලි’ සහ ‘කමරුසමන්’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (දෙසැම්බර් 18) දිවයිනෙන් පිටත් විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් වෙත සමුදීම සිදු කෙරිණි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ සුහද වොලිබෝල් තරඟාවලියක් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී විය.











