ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් තිස් නව දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 54 වන ශිෂ්‍යභට, 31 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය (නීති හා සේවා) සහ 56 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 39 දෙනෙකු දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 18) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු විසිර යන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ආරාධනයෙන් ගරු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
රැස්ව සිටි පිරිස ඇමතූ ආරක්ෂක ලේකම්තුමා විසින් ප්‍රකාශ කර සිටියේ අධිකාරියට පත් කළ නිලධාරීන් හට සිය වෘත්තීමය ජීවිතය පිළිබඳව අපේක්ෂාවන් ඇති සේම මාතෘ භූමියට ඔවුන් පිළිබඳව උසස් අපේක්ෂාවන් ඇති බවයි. තව දුරටත් අදහස් දැක්වූ එතුමන් හැකියාවන්ගෙන් පරිපූර්ණ නාවික නිලධාරීන් වශයෙන් මෙම නිලධාරීන් වගකීමකින් යුතුව අනාගත නාවික හමුදාව මෙහෙයවනු ඇති බවට විශ්වාසය පළ කරන ලදී. තවද, දූපත් රාජ්‍යයක් වන අප රටෙහි ප්‍රථම ආරක්ෂකයා වන්නේ නාවික හමුදාව බව එතුමා වැඩිදුරටත් අවධාරණය කෙරිණි. ඊට අමතරව මෙම නව නිලධාරීන් ලද මනා පුහුණුව හේතුවෙන් තම රාජකාරිය කාර්යක්ෂම ලෙස ඉටු කරනු ඇති බවට ද එතුමන් විශ්වාසය පළ කරන බැව් පවසමින්, එම තරුණ නිලධාරීන් වෙත එතුමන්ගේ සුභාසිංෂණ එක් කරන ලදි.
ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නාවික විධාන භාර ආඥාපතිවරුන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු කස්සප පෝල් මහතා, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් නාවික සම්ප්‍රදායානුකූලව පැවති අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගී වූහ.
පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන සහ සහතිකපත් ප්රදානය කෙරිණි. ඒ අනුව, මධ්‍ය නිලධාරී කේඑල් මධුමාධව දක්ෂතම මධ්‍ය නිලධාරියා සහ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානනීය අසිපත සහ කුලානය හිමි කර ගන්නා ලදී. මධ්‍ය නිලධාරී එස්පීවයිඩීඒ සුබසිංහ සමස්ත සහ වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා මෙන්ම හොඳම ඉලක්කරු ලෙස ද සම්මාන හිමි කරගත් අතර, මධ්‍ය නිලධාරී පීඑච්එන් නිරෝෂ නාවික විෂයයන්ගෙන් ඉහළම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුලසානය හිමි කර ගන්නා ලදී.
නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශණයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථය චාරිත්‍රයත් සමගින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය. අධිකාරියට පත් නිලධාරීන් 39 දෙනා අතරට 54 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමේ නිලධාරීන් දෙදෙනෙක් (02), 31 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය (නීති හා සේවා) බඳවා ගැනීමේ නිලධාරීන් 5 දෙනෙක් සහ 56 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමේ නිලධාරීන් 32 දෙදෙනෙකු ඇතුළත් විය.
































