විවෘත රුවල් යාත්රා තරඟාවලියෙන් නාවික හමුදා රුවල් යාත්රා සංචිතයට ජයග්රහණ රැසක්
ලංකා මෝටර් රුවල් යාත්රා සංගමය මගින් සංවිධානය කරන ලද විවෘත රුවල් යාත්රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 17 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථක ලෙස පැවැත්වූ අතර, එහිදී ජයග්රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්රා කණ්ඩායම සමත් විය.
මෙම තරඟාවලිය සඳහා දිවයිනේ විවිධ ක්රීඩා සමාජ නියෝජනය කරමින් තරඟකරුවන් 61 දෙනෙකු සහභාගි වු අතර, යාත්රා 47 ක් එක් කොට තිබිණි. එම තරඟාවලියේ සියළුම රුවල් යාත්රා සමාජ අභිබවා ප්රථම හා දෙවන ස්ථාන දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම් නියෝජනය කළ ක්රීඩකයන් හට හැකි විය. ඒ අනුව, ජීපී 14 අංශයේ පළමු හා දෙවන ස්ථාන, එන්ටප්රයිසස් අංශයේ පළමු , දෙවන, තෙවන ස්ථාන, ලේසර් ස්ටෑන්ඩර්ඩ් අංශයේ පළමු , දෙවන, තෙවන ස්ථාන මෙන්ම, ලේසර් රේඩියල් අංශයේ පළමු සහ දෙවන ස්ථාන ඔවුන් විසින් දිනා ගන්නා ලදී.








