ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
2017 ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියේ ඊයේ (දෙසැම්බර් 20) පැවති තරඟයෙන් පොලිස් කණ්ඩායම පරදා සිය ජයග්රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
එම තරඟය වැලිසර ශ්රී ලංකා නාවික නෞකා ගැමුණු ක්රීඩා පිටියේදී පැවැත්වුණු අතර, තියුණු තරඟයකින් අනතුරුව ගෝල 3 ට 1 ක් වශයෙන් එම ජයග්රහණය තමන් සතු කර ගැනීමට නාවික හමුදා ක්රීඩකයන් හට හැකියාව ලැබිණි.





