67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් පරාක්‍රම ආයතනයේ ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුමට සමගාමීව ඊයේ (දෙසැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. එම ලේ දන්දීමේ කඳවුර ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණය වී සිදු කළ අතර, ඒ සඳහා පුද්ගලයින් 112 දෙනෙකුට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීමට එක්වී සිටියහ.
තවද, 67 වන නාවික දින සැමරුමට සමගාමීව පසුගිය කාල සීමාව තුළදී අනෙකුත් නාවික විධානයන්හිද මෙවැනි ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර, නාවික පුද්ගලයින් විශාල පිරිසක් ඒ සඳහා ස්වෙච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කොට තිබිණි. මෙ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් පියවරක් වශයෙන් ද හදුන්වා දිය හැක.








