සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය
සුහද සංචාරයක් සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (දෙසැම්බර් 21) ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කරන ලදී. එහිදී, ඔවුන් විසින් ගොඩ ගැසී තිබූ කැලි කසළ, පොලිතීන්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ඉවත් කොට එම වෙරළාශ්‍රිත ප්‍රදේශය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට කටයුතු කෙරිණි.








