66 වන ජාතික හා ප්රවිණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලියේ නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
66 වන ජාතික සහ ප්රවීණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලිය 2017 පසුගිය දෙසැම්බර් මස 20 සහ 21 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පිහිණුම් තඨාකයේ සහ ගල්කිස්ස මුහුදු තීරයේදී පැවැත්වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට නාවික හමුදාවට හැකි විය.
තරඟාවලියේ ප්රවීණයන්ගේ අංශය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ඒ සහ බී වශයෙන් කණ්ඩායම් 2 ක් සහ ජාතික තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී වූ අතර, එයට නාවික පුද්ගලයින් 37 දෙනෙකු ඇතුළත් විය.
එහිදී, ප්රවීණයන්ගේ අංශයෙන් තරඟ කළ නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම, කණ්ඩායම් 8 ක් අභිබවමින් එම තරඟයේ ශූරතා කුසලානය ද, නාවික හමුදා ‘බී’ කණ්ඩායම එහි අනුශූරතාවය ද දිනා ගැනීමට සමත් විය. ජාතික තරඟාවලියේ කණ්ඩායම් 13 ක් අතරින් 5 වන ස්ථානය හිමි කර ගැනීමට ද නාවික හමුදා ක්‍රීඩකයින් හට හැකියාව ලැබිණි.











