ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ‘සෙටොගිරි’ නෞකාව ත්රිකුණාමලය වරායෙන් පිටත්ව යයි
පසුගිය දෙසැම්බර් 20 දින ත්රිකුණාමලය වාරයට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) ‘සෙටොගිරි’ නෞකාව ඊයේ (දෙසැම්බර් 22) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්රිකුණාමලය වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව අතරතුර ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු සුහද ක්රීඩා තරඟ සහ විවිධ වැඩසටහන් රාශියකට සහභාගිවන ලදි.


