අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 22) කටයුතු කරන ලදී.
ඔලුවිල් ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබු බහුදින යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකු හදිසි හෘදයාබාධ තත්වයකට ගොදුරු වී තිබිණි. එම තොරතුරු ලද විගස ගිණිකොන නාවික විධානයට අනුයුක්ත පී 450 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව කල්මුණේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 03 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ඔලුවිල් වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා අක්කරෙයිපත්තු, මුලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.


