දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
කළුතර පොලිසිය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 22 වන දින කළු ගඟේ ඔරු පැදීමට යාමේදී ඔරුව පෙරලි දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට සමත් වි ඇත.



