නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් නීති විරෝධී දුම්කොළ නිශ්පාදන ලඟ තබා ගැනීම සහ හෙරොයින් ලඟ තබා ගැනීම යන හේතූන් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, නාවික හමුදාව ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කොළඹ, අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් මස 21 වන දින ගල්කිස්ස ප්රදේශයේ සිදු කළ සොදිසි කිරීමකදී හෙරොයින් ග්රෑම් 05 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා, ත්රිරෝද රථය සහ හෙරොයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගල්කිස්ස, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.
උතුරු නාවික විධානයේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 23) පේදුරුතුඩුව, ඉන්පාසිඩ්ඩි ප්රදේශයේ සිදු කළ මුර සංචරයකදී නිතී විරෝධී දුම්කොළ නිශ්පාදන (Hans) කිලෝග්රෑම් 100 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්රාවක් සහ පිටත දහන යන්ත්රයක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්රාව, පිටත දහන යන්ත්රය සහ දුම්කොළ නිශ්පාදන තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.


