ශ්‍රීලංනානෞ රණධීර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගයාන් වික්‍රමසූරිය වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ගයාන් වික්‍රමසූරිය මහතා අද (දෙසැම්බර් 26) වැඩ භාර ගන්නා ලදී.
කොළඹ වරාය පරිශ්‍රයේ දී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාවේ හිටපු අණදෙන නිලධාරී, කොමාණ්ඩර් (මාලිමා) තුෂාර ජයවර්ධන මහතා විසින් නව අණදෙන නිලධාරීතුමන් වෙත සිය රාජකාරීන් නිසි ලෙස භාර දීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානට භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා සහභාගී විය. රණධීර නෞකාවේ හිටපු අණදෙන නිලධාරී සහ නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සුමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.







