ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (දෙසැම්බර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමාගේ ලේකම් සහ නාවික ලේකම් කොමදෝරු (සැපයුම්) විජිත මැද්දෙගොඩ මහතා සහ නාවික සහන පදනමේ කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේඑම් දයානන්ද මහතා ද සහභාගී වී සිටියහ.
නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයින් 1151 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික හමුදා සහන පදනම කටයුතු කොට ඇත. මේ සඳහා රුපියල් මිලියන 576.2 ක මුදලක් වැය කර ඇති අතර, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 4026 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.






