ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 26) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සමත් විය.
ගාල්ල, හඳුගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි එම පුද්ගලයා දිය නෑම සඳහා මෙම ප්‍රදේශයෙන් මුහුදට බැස ඇති අතර, එහිදී සැඩ පහරට හසුවී ඔහු මුහුදේ ගසාගෙන ගොස් ඇත. කඩිනමින් ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් එම පුද්ගලයා නිරුපද්‍රිත ලෙස ගොඩබිම වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා නිලාවේලි ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.
