සීෂෙල්ස් මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්රී ලංකාවේ සීෂෙල්ස් ජනරජයේ මහකොමසාරිස් අතිගරු කොන්රාඩ් මෙඩරික් මහතා අද (දෙසැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



