5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දරු දැරියන් හට තිළිණ ප්රදානය කෙරේ
සක්‍රීය සේවයේ නියුතු සහ සටනේදී මිය ගිය නාවික පුද්ගලයින්ගේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් දරු දැරියන් 60 දෙනෙකු උදෙසා තිළිණ ප්රදානය කිරීමේ උත්සවය අද (දෙසැම්බර් 28) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
සම්ප්‍රදායානුකූලව ආරාධිත අමුත්තන් විසින් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ත්‍යාග ප්රදානෝත්සවය ආරම්භ කෙරුණු අතර, නාවික හමුදාධිපතිතුමන් අතින් එම දරු දැරියන් හට පාසල් උපකරණ සහිත ත්‍යාග කට්ටල පිරිනමන ලදී. එළඹෙන නව වසරේදී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමේ අභිප්‍රායෙන් යුතුව මෙම ත්‍යාග පිරිනැමීමට කටයුතු කොට ඇත. මෙම මහඟු කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සමස්ථ නාවික හමුදාවට සිය හෘදයංගම ස්තුතිය පිරිනමන ලදී. එහිදී, ත්‍යාගලාභී දරු දැරියන්, නාවික හමුදාධිපතිතුමන් සමඟ සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටියහ.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා, අධ්යක්ෂ නාවික සුභසාධක කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු නිලධාරීන් නාවිකයන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.











