කොළඹට ආසන්න පාසල් සඳහා පැල වර්ග ප්රදානය කෙරේ
කොළඹ නාවික මහ රෝහල මඟින් පසුගිය කාල සීමාව තුළදී කොළඹ ප්‍රදේශයට ආසන්න පාසල් සඳහා පැල වර්ග ප්රදානය කිරීමක් සිදු කරන ලදී. එම කර්තව්‍ය නාවික මහ රෝහල් සංකීර්ණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් (සංඥා) ඇන්තනී වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරිණි.
ඒ අනුව, රාගම ප්‍රදේශයේ බැසිලිකා ප්‍රාථමික විද්‍යාලය, බැසිලිකා මධ්‍ය මහා විද්‍යාලය, නැලිගම ශ්‍රී සංඝමිත්තා මහා විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, ශාන්ත ජෝශප් බිහිරි විදුහල සහ කඳාන ද මැසනඩ් මහා විද්‍යාලය යන පාසල් සඳහා මෙම පැල වර්ග ලබා දුන් අතර, එම පැළ වර්ග රෝපණය කිරීම සඳහා නාවික හමුදා භූමි අලංකරණ කණ්ඩායම් ද යෙදවීමට කටයුතු කරන ලදී. එහිදී, ඖෂධීය ගුණයක් සහිත, දැවමය වටිනාකමින් යුත් සහ අලංකාරවත් ශාකයන්ගේ පැලෑටි වර්ග එම පාසල් සඳහා පිරිනමා ඇත.
මෙම සත්කාර්යය සම්බන්ධයෙන් එම පාසල් වල විදුහල්පතිවරුන්, ගරු භවතුන් සහ පාසල් දරු දැරියන් විසින් නාවික හමුදාධිපතිතුමා ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට විශේෂ ස්තුතිය පුද කිරීමට ද කටයුතු කරන ලදී.





