බල සෙබළ එම්එස්එල් අබේවර්ධන හට නිවසක් පරිත්‍යාග කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අංශය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන නිවසක් නොමැති නාවිකයන් හට නිවසක් ලබා දීමේ වැඩපිළිවෙලෙහි එක් අවස්ථාවක් සනිටුහන් කරමින් අද (දෙසැම්බර් 30) බල සෙබළ එම්එස්එල් අබේවර්ධන නාවිකයා හට නිවසක් පරිත්‍යාග කිරීම සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය.
අවිස්සාවේල්ල, දෙහිඕවිට ප්‍රදේශයේ සියළු පහසුකම් වලින් යුක්තව ඉදි කරන ලද එම නව නිවස නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කර ඇත. සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් වලින් අනතුරුව යෙදී තිබූ සුභ මොහොතින් ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් එම නිවස විවෘත කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් රියර් අද්මිරාල් රොසයිරෝ මහතා විසින් පැලයක් ද රෝපණය කෙරිණි. ඉන් අනතුරුව නාවික සුභසාධක අංශය විසින් එම නාවිකයා හට විශේෂ තිලිණයක් ද ප්‍රධානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ නාවික සුභසාධක, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු නාවික නිලධාරීන් පිරිසක් සහ බල සෙබළ අබේවර්ධනගේ පවුලේ සාමජිකයන් සහභාගී වී සිටියහ. මෙම මහඟු කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සම්ස්ථ නාවික හමුදාවට හෘදයංගම ස්තුතිය පුද කිරීමට කටයුතු කරන ලදී.








