67 වන නාවික දින සැමරුම වෙනුවෙන් ගිණිකොන නාවික විධානයේ ලේ දන් දීමේ වැඩසටහනක්
පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන දින සැමරුමට සමගාමීව ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ඊයේ (දෙසැම්බර් 30) පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම ලේ දන්දීමේ වැඩසටහන අම්පාර මහ රෝහලේ ලේ බැංකු කාර්යය මණ්ඩලය සහ ගිණිකොන නාවික විධාන වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය සහායක කාර්යය මණ්ඩලය විසින් මෙහෙයවන ලද අතර, නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එම අවස්ථාවට එක්වී සිටියහ.





