ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ වෙයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 66 වන සංවත්සරයට සමගාමීව ඊයේ (ජනවාරි 04) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ලංකා’ ආයතනයේදී ස්වේච්ඡා නාවිකයන්ගේ වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධානය භාර ආඥාපති සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී විය.
ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරී, කොමදෝරු ජයරත්න විජේකෝන් මහතා ඇතුළු ස්වේච්ඡා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. මෙම පුහුණු කඳවුර ජනවාරි මස 18 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.





