කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම් විසින් ඊයේ (ජනවාරි 05) රාත්‍රී කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමට සමත් විය. එම ප්‍රදේශයේ ඇති කසල කන්ද ආශ්‍රිතව විශාල ගින්නක් හට ගෙන ඇති බවට නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ අතර, ඒ අනුව, නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම් 2 ක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කෙරිණි.
බටහිර නාවික විධානයට අනුයුක්ත එම ගිණි නිවීමේ කණ්ඩායම් 2 සඳහා නිලධාරීන් දෙදෙනෙකු සහ නාවිකයන් 19 දෙනෙකු ඇතුළත් විය. එහිදී, ඔවුන් විසින් මහත් පරිශ්‍රමයක් දරමින් එම ප්‍රදේශය පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත් විය.





