නාවික හමුදාව මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 98 ක් සොයා ගැනේ
උතුරු නාවික විධානයේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (ජනවාරි 06) උදෑසන සිදු කළ සෝදිසි කිරීමකදී වැල්වැටිතුරෙයි වෙරළ තීරයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 90 ක්, අබිං කිලෝග්‍රෑම් 04 ක් සහ හෂිස් කිලෝග්‍රෑම් 04 ක් සොයා ගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම්වල බහා තිබී ඇති අතර, විකිණීම සඳහා මෙලෙස සඟවා ඇති බවට සැක පළ කෙරේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන අතර, සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත භාර දිමට නියමිතය.


