ශ්‍රීලංනානෞ පරාක්‍රම අායතනයට වසර 35 ක් සපිරීම නිමිත්තෙන් බෞද්ධාගමික වැඩසටහනක්
කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට වසර 35 ක් සපිරීම නිමිති කර ගනිමින් පසුගිය ජනවාරි මස 05 වන දින ශ්‍රීලංනානෞ පරාක්‍රම, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සර්වරාත්‍රික පරිත්‍රාන සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්වූ අතර, පසු දින ගරුතර සංඝයාවහන්සේලා 20 නමක් උදෙසා උදෑසන දානය පිළිගැන්වීම සිදු කෙරිණි.
මෙම බෞද්ධාගමික වැඩසටහන ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් අනිල් බෝවත්ත මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සිදු කෙරුණු අතර, නාවික හමුදාධිපතිතුමන් ප්‍රධාන සමස්ථ නාවික හමුදාවට එහිදී ආශිර්වාද පිරිනැමීමට ද කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නෞකා හා යාත්‍රාවන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.









