එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා, කෙලී බිලිංග්ලි මහත්මිය අද (ජනවාරි 08) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



