කේරළ ගංජා කිලෝග්රෑම් 1 ක් ප්රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ උප්පුවේලි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 09) නිලාවේලි ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ත්රීරෝද රථයක් මඟින් ප්රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 1 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා, ත්රීරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.


