නව පත්වීම් ලද ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ගෘප් කපිතාන් සීන් අන්වින් මහතා අද (ජනවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය. එම අවස්ථාව සඳහා හිටපු ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ජේසන් සියර්ස් මහතා ද සහභාගී විය.
පළමුව, නව පත්වීම් ලද ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක තුමන් හට සුභ පැතුම් එක් කළ රියර් අද්මිරාල් රොසයිරෝ මහතා, සිය ධූර කාලය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාවට දක්වන ලද සහයෝගය පිළිබඳව හිටපු ආරක්ෂක උපදේශක තුමන් හට ස්තුතිය පුද කිරීමට ද කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





