රත්රං ග්රෑම් 600 ක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 10) පේසාලෙයි ප්රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කළ රත්රං ග්රෑම් 600 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රත්රං තොගය ග්රෑම් 100 කැබලි 6 ක් වශයෙන් සකස් කර තිබූ අතර, ත්රීරෝද රථයක් මඟින් ඒවා මෙම ප්රදේශයට රැගෙන විත් තිබිණි. අත්අඩංගුවට ගත් රත්රං, පුද්ගලයින් සහ ත්රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.



