ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 4 ක් ඊයේ (ජනවාරි 15) නාවික හමුදා භාරයට පත් විය.
උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරක නෞකා සහ වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් හා කච්චතිව් දූපතට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. එම ට්‍රෝලර් යාත්‍රාවන් කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද ධීවරයින් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ද රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව එම ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.



