පාකිස්තානු යුද්ධ හමුදා ප්රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 15) දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදා ප්රධානී ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා මහතා අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
නාවික සම්ප්රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එතුමන් නාවික හමුදාධිපතිතුමන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එහිදී ජෙනරාල් බජ්වා මහතා නාවික හමුදාධිපතිතුමා ප්රධාන අධ්යක්ෂ ජෙනරාල්වරුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.







