නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) නච්චිකුඩා සහ පේසාලේ මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 02, වල්ලම් යාත්රාවක් සහ තහනම් දැල් 03 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්රා, වල්ලම් යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලන්කොවිල් සහ පේසාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

