නාවික හමුදාධිපතිතුමා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම සිදු කරයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදාවේ වාර්ෂික අංශ පිරික්සුම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 18) දින වැලිසර ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදාව ජාතික මෙන්ම හදිසි අවස්ථාවන්හි දී සහ ව්‍යසනයන්හි දී විශේෂඥ දැනුම හා පිරිස් බලය ලබා දීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින බල හමුදාවක් වශයෙන් හැදින්විය හැක. එමෙන්ම පවරා ඇති කාර්යයන් ඉටුකිරීම සඳහා නිත්‍ය නාවික හමුදාවට අවශ්‍ය සහාය ලබා දිම ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික බල හමුදාවේ ප්‍රධානම කාර්යභාරය ලෙස හඳුන්වා දිය හැක.
2017 ජනවාරි මස 2 වන දින ආරම්භ කෙරුණු මෙම පුහුණු කඳවුර පුරා දින 17 ක් ස්වේච්ජා නාවික බල හමුදා මුලස්ථානයේ පැවති අතර, මෙම පුහුණුව ස්වේච්ඡා නාවික බල හමුදාවට අයත් නාවික පුද්ගලයින්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම උදෙසා මහත් පිටුවහලක් විය. නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්සුමකින් සහ ආචාර පෙළපාලියකින් සමත්විත වූ වාර්ෂික පුහුණු කඳවුර නාවික හමුදා තුර්ය වාදක කණ්ඩායමේ විචිත්‍රවත් වාදන සහ සංස්කෘතික සංදර්ශනයකින් නිමා විය.
එහිදී නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපතිතුමා, සිවිල් ජන සමාජයේ අත්දැකිම් සහ සමාජීය සම්ප්‍රදායික හර පද්ධතින් වලින් ලද පන්නරය නාවික හමුදා කාර්යභාරය ඉටු කිරීමේදි භාවිතා කිරීමටත්, නාවික හමුදා ආචාර ධර්ම, සම්ප්‍රදායන් සහ අනන්‍යතාවයට අදාල ප්‍රායෝගික පුහුණුව මෙන්ම අවබෝධය වැඩි දියුණු කිරීමටත්, ඒ තුළින් විනය ගරුක හා කාර්යක්ෂම ස්වේච්ජා නාවික හමුදා පුද්ගලයෙකු බිහි කිරීමට මෙම වර්ෂික පුහුණු කඳවුර මහත් පිටුවහලක් වන බව ප්‍රකාශ කරන ලදී. තවද, ක්‍රීඩා කෞශල්‍යයන් නිරන්තරයෙන් දියුණු කර ගනිමින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී දක්ෂතා දක්වන ස්වේච්ඡා නාවික බල හමුදා පුද්ගලයින් මෙරටට ගෞරවයක් අත්කර දීමට සමත්ව සිටීම පිළිබඳව සිය සතුට සහ ප්‍රශංසාව පිරිනමන බව ද එතුමා එහිදී ප්‍රකාශ කරන ලදී.
එම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සනත් උත්පල මහතා සහ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.



















