ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක) නුවන් හේවාහක්මනගේ ශ්‍රිලංනානෞ රණගඡ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණගඡ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (ජලමානක) නුවන් හේවාහක්මනගේ මහතා අද (ජනවාරි 19) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) ධම්මික හෙට්ටිආරච්චි මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා රණගඡ නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි. කන්කසන්තුරේ, උත්තර ජැටිය පරිශ්‍රයේදී පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා දියත් විධානයේ විශාල නෞකා පුහුණු කිරිමේ නිලධාරි, කොමාණ්ඩර් (අවි) ආනන්ද දිසානායක මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.








