නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
දින පහක නිල සංචාරයක් සඳහා ඊයේ (ජනවාරි 18) දිවයිනට පැමිණි නේපාල යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්රි මහතා ඇතුළු දූත පිරිස අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එතුමන් නාවික හමුදාධිපතිතුමන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එහිදී ජෙනරාල් චෙත්රි මහතා නාවික හමුදාධිපතිතුමා ඇතුළු අධ්යක්ෂ ජෙනරාල්වරුන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදි.








