නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට
ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 23) කොමාරි මුහුදු ප්රදේශයේදී වලංගු ධීවර බලපත්ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත විදේශිකයින් දෙදෙනෙකු සහ ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්රාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා උල්ල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


