නීති විරෝධී ලෙස මසුන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන්, ත්‍රිකුණාමලය පොලීසියේ නිලධාරීන් සහ ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 24) සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කරමින් තිබූ මසුන් කිලෝග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පුපුරණ ද්‍රව්‍ය (ඩයිනමයිට්) යොදා නීති විරෝධී ලෙස මෙම මසුන් අල්ලා ඇති අතර, එම මසුන් තොගය අලෙවි කිරීම සඳහා කැබ් රථයක් මඟින් රැගෙන යමින් සිටියදී ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා, මත්සයින් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



