රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ජනවාරි 30) විශ්‍රාම යන ලදී. එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ප්රමුඛ නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කිරීමට ද කටයුතු කළහ.
ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් ප්‍රනාන්දු මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.
1985 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 03 වන බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති එතුමා මීට පෙර සැපයුම් අංශයේ විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.








