නාවික හමුදාව රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 465 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ඊයේ (ජනවාරි 29) බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
ධනුෂ්ක පුතා II නමැති එම බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි 28 වන දින ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, එහි සිටි එක් ධීවරයෙකු හදිසි හෘදයාබාදයක් වැලදීම හේතුවෙන් රෝගාතුර වී ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම් දීමෙන් අනතුරුව රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ඒ අනුව ත්‍රිකුණාමලය පාවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 8.5 ක පමණ දුරකදී රෝගී ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.



