නාවික හමුදාව විසින් රෝගාතුර ධීවරයකු ගොඩබිමට රැගෙන එයි
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 485 වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ඊයේ (ජනවාරි 31) බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
ලක්ප්‍රිය නමැති මෙම බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි මස 25 වන දින ධීවර කටයුතු සඳහා බේරුවල ධීවර වරායෙන් නික්ම ගොස් ඇති අතර, එහි සිටි ධීවරයෙකු හදිසියේ රෝගාතුර වී ඇති බැව් යාත්‍රාවේ හිමිකරු විසින් නාවික හමුදාවට දැනුම් දී ඇත. ඒ අනුව, රෝගියා රැගෙන ඒම සඳහා මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 37 ක පමණ දුරකදී එම රෝගී ධීවරයා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවා ගෙන නිරුපද්‍රිත ලෙස නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.




