තුර්කි ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි ආරක්ෂක උපදේශක, කර්නල් කේමල් කරමන් මහතා අද (පෙබරවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී, ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයේ දෙවන ලේකම්, හකම් ටාන් මහතා ද සහභාගී විය.




