හෙරොයින් ග්රෑම් 425 ක් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට සහ විශේෂ යාත්රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 02) නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කුඩා ධීවර යාත්රාවක් (වල්ලමක්) මඟින් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් ග්රෑම් 425 ක් සහ බීඩි වර්ගයේ දුම්වැටි සහිත ඇසුරුම් 157 ක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් මන්නාරම ප්රදීපාගාරයට නැගෙනහිර දෙසින් වූ ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේදී මෙලෙස අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයන්, නීතිවිරෝධී ලෙස රැගෙන ආ හෙරොයින් ප්රමාණය, දුම්වැටි තොගය සහ යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




