මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (පෙබරවාරි 08) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.


