නැගෙනහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර බැංකු අංශය භාර නිලධාරී විසින් වැඩබලන කොමදෝරු අධිකාරී සෞඛ්‍ය (නැගෙනහිර) වෙතින් සිදු කළ ඉල්ලීමකට අනුව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (පෙබරවාරි 08) නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
රුධිර බැංකුවේ හදිසි අවශ්‍යතාවයක් සපුරාලීම සඳහා පවත්වන ලද එම ලේ දන්දීමේ වැඩසටහන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වීය. ඒ සඳහා නාවිකයන් 50 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කිරීමට එක්වී සිටියහ.





